උගත් කතුන් ඉන්ට්නෙට් කාම දැලේ පැටලීමේ වැඩි ප්‍රවණතාවක්

නීතීඥවරියන්, වෛද්‍යවරියන් වැනි සමාජයේ දැන උගත් කාන්තාවන් මේ වන විට සිය පෙම්වතුන්ගේ ඉල්ලීම් මත කැමරාව ඉදිරියේ නිරුවත්වී අමාරුවේ වැටීමේ ඉහළ යාමක් දකින්නට ඇතැයි ළමා හා කාන්ත අපයෝජන වැලැක්වීමේ පොලිස් කාර්යාංශයට පෙනී ගොස් තිබේ.

එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර සදහන් කරන්නේ සමජ මාධ්‍ය ජාලාවලින් හමුවී පෙම්වතුන් බවට පත්වන උගත් කාන්තාවන් වැඩි වශයෙන් මෙවැනි තත්වයන්ට පත්වන බවය.

“මේ කාන්තාවෝ උගත් නිසා කැමරාව ඉදිරියේ බය නැතිව නිරුවත් වෙලා සිය පෙම්වතාට නිරුවත පෙන්වන්නේ ඒ දේවල් පටිගත කරන්නට බැරි ඇප් එකක් භාවිතා කරල. ඒත් ඒ අය දන්නේ නැහැ, පෙම්වතා ජංගම දුරකතනයකින් හරි වෙනත් කැමරාවකින් හරි ඔහුගේ දුරකතනයේ හෝ පරිගණකයේ තිරයේ දිස්වෙන සියල්ල වීඩියෝකර ගන්න බව. පසුව ඒ වීඩියෝ පෙන්නමින් අයුතු ප්‍රයෝජන සියල්ලක්ම ලබා ගන්නවා.“ යැයි මනෝජ් සමරසේකර මහතා පැවැසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

Exit mobile version