ඊ.පී.එෆ් සහ සමෘද්ධි සල්ලි ඖෂධ නිෂ්පාදන  ආයෝජනයට

ශ්‍රියානි විජේසිංහ –

සේවක අර්ථසාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරයේ මුදල් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පෙන්වා දී ඇත. ඊයේ එම සංස්ථාවේ නිලධාරීන් සමඟ ආයතනයේ ඉදිරිය පිළිබඳව සිදු කරන ලද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එවැනි ක්‍රමයක් සකසන්නේ නම් එක් අතකින් එම අරමුදල් දෙකට නිසැකවම ප්‍රතිලාභ ලැබෙන බව සහ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමෙන් ඖෂධ ආනයනය කිරීමට වැය වෙන විදේශ විනිමය ඉතිරි කර ගත හැකි වන බවය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි 130ක මුදලක් ඉතිරි කර ගත හැකි බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන  සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ  සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනටමත් රෝහල්වලට අවශ්‍ය ඖෂධවලින් සියයට 80ක්ම නිෂ්පාදනය කරන අතර සේලයින් ඇතුලු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශීයව නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනාධිපති කාර්යාලයේදී  ඊයේ (21) පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේය. 


 

Exit mobile version