ඊ.පී.එෆ්. කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කළ බිලියන 84කට බිලියන 112ක වටිනාකමක්

කොළඹ කොටස් වෙළෙඳපොල ආයෝජනය කොට ඇති සේවක අර්ථසාධක අරමුදලේ කොටස් කළඹේ වටිනාකම රුපියල් බිලියන 112 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 28 ක ලාභයක් පෙන්නුම් කරන බව වත්කම් කළමනාකරණය කරන මහ බැංකුව පවසයි.මෙම කොටස් මිලදී ගත් වටිනාකම වන්නේ බිලියන 84කි.

ශ්‍රි ලංකාවේ පවතින විශාලතම අරමුදල වන මෙය ඇමරිකානු ඩොලර් බිලියන 3,343 ක් පමණ වටිනාකමක් පවතින අතර එයින් සියයට 3 ක් පමණ ආයෝජනය කර ඇත්තේ ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ කොටස්වල ය. මීට අමතරව සේවක අර්ථ සාධක අරමුදල 2021 වසරේදී ප්‍රාග්ධන ලාභ සහ මුදල් ලාභාංශ මගින් රුපියල් බිලියන 4.7ක් උපයා ඇති අතර පසුගිය වසර තුන තුළ, එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6 ක ලැයිස්තුගත නොකළ කොටස් ආයෝජන කළඹක් මත ඩොලර් බිලියන 2.5ක ලාබයක් උපයා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සැප්තැම්බර් මාසය වන විට අර්ථසාධක අරමුදල LOLC හෝල්ඩිංග්ස් හි ආයෝජකයනය කළ රුපියල් බිලියන 1.6 කට සාපේක්ෂව එහි වටිනාකම බිලියන 9.4 ක් ද, රුපියල් බිලියන 1.6 ක ආයෝජනයක් කළ රෝයල් සෙරමික් කොටස් වලින් රුපියල් බිලියන 7.0 ක් ද උපයා ඇති අතර වැලිබල් වන් හි ආයෝජනය කළ බිලියන 2.7 කට ඩොලර් බිලියන 6.6 ක වටිනාකමක්ද හිමිව ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.


Exit mobile version