ඊයේ දවසට කොවිඩ් මරණ 07ක්…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා කළේය.  රට වටින් මේ මරණ වාර්තා වූයේය. ගොතටුව ප්‍රදේශයේ 85 හැවිරිදි පුද්ගලයෙක්, අංගොඩ ප්‍රදේශයේ 72හැවරිදි පුද්ගලයෙක්, කුරුණෑගල ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක්, මහවෙල ප්‍රදේශයේ 60 හැවිරිදි  කාන්තාවක්, පේරාදෙණිය ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්, ගම්පොල ප්‍රදේශයේ 51 හැවිරිදි කාන්තාවක්, යාපනය ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.

මේ වනවිට ලංකාවෙන් වාර්තාවූ බව රජය නිල වශයෙන් තහවුරු කරන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 397කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය පල කළ නිල නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version