ඊයේ ජාතික ජන බලවේග විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය නීති විරෝධීයි! මානව හිමිකම් කොමිසමින් කඩිනම් පරීක්ෂණයක්…

කීර්ති ප්‍රනාන්දු –

ජාතික ජන බලවේගය ඊයේ (27) දියත් කළ විරෝධතා පා ගමන කොළඹ කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යුනියන් පෙදෙසේ ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවේ දී එම ප්‍රදේශයේ විරෝධතා ගමන් පැවැත්වීමට අධිකරණ නියෝගයක් නික්තු නොකර තිබූ තත්ත්වයක් තුළ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පුද්ගලයින් 28 දෙනෙකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති  බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සිදුවීම පිළිබඳව පූර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබා දෙන ලෙස එම කොමිසම පොලිස්පතිවරයා වෙත දන්වා යවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වාර්තාවේ කරුණු පදනම් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව මානව හිමිකම් කොමිසම පවසයි.

 

Exit mobile version