ඊයේ කොවිඩ් මරණ 42යි… මරණ 1400 පනී. කොවිඩ් ආසාදිතයන් 2827යි..

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (29) තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 42ත් සමග ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 1400 ඉක්මවනු ලැබීය. මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොව්ඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1405කි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේ ඊයේ දිනය තුළ සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 6ක් සහ පසුගිය 14 දා සිට 28 දක්වා සිදුවූ මරණ 36ක් වශයෙනි.

එමෙන්ම ඊයේ කොවිඩ් අසාදිත පුද්ගලයන්  2827ක් රජය විසින් තහවුර කළේය. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් පසු කොව්ඩ් ආසාදිත වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ හතර දහස් හතලි (174040)කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version