ඊයේ අණ්ඩුවේ කී රටේ මුළු ආසාදිතයින් ගණනට වඩා දිස්ත්‍රික්ක 04ක ආසාදිත එකතුව වැඩියි…

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මගින් ඊයේ (14) දිනයට අදාලව ප්‍රකාශිත   දිස්ත්‍රික්ක හතරකින් පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව රජයේ නිල ප්‍රකාශනය අනුව ප්‍රකාශිත  රටේ සමස්ථ ආසාදිතයන් ගණනට වඩා වැඩි බව  තහවුරු වී තිබේ.

 රටේ සමස්ථ ආසාදිතයින් ගණන 3263කි. මෙම දිස්ත්‍රික් හතරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන  3411කි.

 

ඉකුත් පැය 24 ක කාලය තුල දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින් 1.141 දෙනෙකු වාර්තා වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

මින් රෝගින් 1068 දෙනෙකු ප්‍රජාවගෙන් වාර්තා වි ඇති අතර 69 දෙනෙකු රෝහල්වලින් වාර්තා වි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 446 දෙනෙකු ද මාතර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 400 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 222 දෙනෙකු වාර්තා වි ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්, පසුගිය ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු බව වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුළ දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආසාදිතයින් 329ක්, මහර – 244 ක්, බියගම – 210 ක්, වත්තල – 203 ක්, ගම්පහ – 181 ක්, මීරිගම – 160 ක්, කටාන – 139 ක්, මිනුවන්ගොඩ – 135 ක්, දිවුලපිටිය – 133 ක්, රාගම – 131 ක්, ජාඇල – 117 ක්, කැලණිය – 113 ක්, අත්තනගල්ල – 100 ක්, මීගමුව – 42 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් – 33 දෙනකු වශයෙන් වාර්තා වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මගින් ප්‍රකාශිත මේ දිස්ත්‍රික්ක හතරෙන් පමණක් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 3411කි. එහෙත් රජයේ නිල ප්‍රකාශනය අනුව රටේ සමස්ථ ආසාදිතයින් ගණන 3263කි.

Exit mobile version