ඉවත් කළ වෛද්‍ය ලක්කුමාර්වම ඖෂධ නියාමන අධිකාරියට පත් කරන්නැයි ළමා රෝග විශේෂඥවරු කියති…

පනතේ බලය මත පදනම්ව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය ලක්කුමාර් පත් කරන්නැයි ඇමතිනියට කියයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ   ළමා රෝග විශේෂඥ    නියෝජිතයා ලෙස යළිත් වතාවක් විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුම පත් කරන ලෙස ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය  සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරියට ලිපියක් ඉදිරිපත් කරමින් විද්‍යායතනයේ සභාපතිවරයා ඇතුළු කාරක සභාව ඒකමිතිකව ඉල්ලා ඇත්තේ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ගේ සේවය අවසන් කිරීමට ගත් තීන්දුව ආපසු හරවා ඔහු යළිත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය සඳහා තම නියේජිතයා ලෙස පිළිගන්නා ලෙසය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ට අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයා ලෙස වෛද්‍යවරයෙක් පත් කිරීමේ බලය ඇත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ගේ ආයතනයට ය.


පසුගිය අපියෙල් 07 වැනිදා දාතමින් ඇමතිවරිය වෙත  ඉදිරිපත් කරන ලද එම ලිපියෙන් සංගමය සඳහන් කර ඇති කරුණු සැකෙවින් මෙසේය.

“ පසුගිය අප්‍රියෙල් මස 01 දාතමින් එවන ලද ලිපියක් මඟින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ගේ  සේවය අවසන් කිරීම පිළිබඳ ව අපි අපගේ සම්පූර්ණ අප්‍රසාදය මෙසේ පළ කරමු.

අපගේ සංගමයේ නියොජිතයා ලෙසින් ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා නම් කිරීමේදී   ඉතා කල්පනාකාරීව සියලු සුදුසකම් සහ පසුබිම් සොයා බලා අප නියෝජිතයා නම් කිරීම අපි වගකීමෙන් ඉටු කළෙමු. ඒ සඳහා 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 4බී(1) වගන්තියද සැලකිල්ලට ගත්තෙමු. ඒ අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක මණ්ඩලය ඒකමතික ව තීරණය කළේ  වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාට මේ සම්බන්ධයෙන් සියලු සුදුසුකම් පවතින බවයි.

කෙසේ වුවද පසුගිය පෙබරවාරි මස 24 වැනිදා සෞඛ්‍ය ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙ ලිපියක් එවමින් සඳහන් කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකරියට තම සංගමයෙන් නියෝජිතයන් තිදෙනකු පත් කරන ලෙසය. එය පනතට පටහැනි සහ අප නොමඟ යවන සුළු එකක් වුවද අප සංගමයේ නියෝජිතයන් ලෙස වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ඇතුළු තවත් වෛද්‍යවරුන් දෙපළකගේ නම් ද යෝජනා කළද එයින් අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා එය ප්‍රතික්ෂේප කළ හෙයින් ඉතිරිව සිටියේ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පමණකි.

අප මේ බව සඳහන් කරමින් වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පමණක් අප සංගමයේ නියෝජිතයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් 2021 මාර්තු මස 12 වැනිදා අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් මඟින් යොමු කිරීමට කටයුතු කළෙමු. කෙසේ වුවද එසේ පත් කරන ලද අප සංගමයේ නියෝජිතයා ගේ සේවය අනවශ්‍ය බවට කළ ප්‍රකාශය හේතුවෙන් මේ වනවිට අප සංගමයේ නියෝජිතයකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එම තත්ත්වය  මෙරට දරු පරපුරේ සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳව සැලකීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ නියෝජනයක් අතිශයින්ම වැදගත් බව අපි අවධාරණය කරමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපට සිටින සුදුසුම නියෝජතයා ලෙස දැනට පත් කොට ඇති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ  තනතුරේ සේවය ඉවත් කිරීමට ඔබ ගෙන  තීරණය නැවත හරවා අප විද්‍යායතනයට  හිමි  නියෝජිතත්වය වෙනුවෙන් ඔහු යළි පත් කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.“ යනුවෙන් ඔවු එම ලිපිය මඟින් සෞඛ්‍ය අමාත්‍යවරියට කරුණු ඉදිරිපත් කර ඇත.

Exit mobile version