ඉල්ලීම් කළත් හිටපු ඇමතිවරු තවමත් නිල වාහන භාර දී නෑ…. ඔවුන්ට එරෙහිව ලබන සතියේ නීතිමය පියවර….

හිටපු මැති ඇමතිවරු බහුතරයක් තවමත් තම නිල රථ ආපසු භාර නොදීම නිසා වාහන කළමනාකරණය කරගැනීමේ දී අමාත්‍යාංශ ලේකම්වරු  දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තම නිල රථ හා පරිවාර රථ නැවත භාර දෙන ලෙස හිටපු ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් ඔවුන්ගෙන් බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නැති බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉදිරි සතිය තුළ එම වාහන භාර නොදෙන්නේ නම් ඒ සියලුම දෙනාටම එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වෙමින් සිටින බව  මේ පිළිබඳව කළ විමසුමක දී  රජයේ ඉහළ නිලධාරියෙක්  ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු මැති ඇමතිවරු බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිල රථ සහ ඇතැම් කාර්ය මණ්ඩල නිලධාරීන් පවා රඳවාගෙන සිටින්නේ  තව ටික දිනකින් ඔවුන්ට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බව ඉහත නිලධාරීයා වැඩිදුරටත් පැවසුවේය.


Exit mobile version