ඉල්ලා අස්වන්නට කළ නියෝගය ඉල්ලා අස්කරගත හැකිදැයි අහන්න උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ජනපති හමුවන්න හදයි!

දිනසේන රතුගමගේ 

තමන් උතුරු පළාතට ගත වූ කාලය තුළ විශාල සේවයක් කළ නිසා  ජනාධිපතිවරයා හමු වී ආණ්ඩුකාර ධූරයෙන් තමන්ට ඉවත් වීමට කළ නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කොට යම් විසඳුමකට පැමිණෙන බව උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා  අද 16 පවසා ඇත.

ජනධිපතිවරයා හමු වන තුරු තමන්ට පිළිබදව වැඩිදුර  විස්තරයක් කළ නොහැකි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා  ආණ්ඩුකාරවරු කීප දෙනෙකුට ඉල්ලා අස්වන ලෙස කළ දැණුම් දීම නිසා ආණ්ඩුකාරවරුන්ගේ තනතුර ඉතාම උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවද ජීවන් ත්යාගරාජා   සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ නියෝගය මත උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීමට පෙර ඉටු කරන ලද සේවාවන් වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ට සිදු කිරීමට නියමිත  ගෙවීම් සම්බන්ධයෙන් අදාල ලියකියවිලි වලට හා චෙක්පත් වලට අත්සන් තබා ඒම කටයුතු හමාර කොට තිබේ.


 

Exit mobile version