ඉරණතිව් යන්නෙ ඇයි?. කොවිඩ් සිරුරු මුසලි ප්‍රදේශයේ භූමදාන කරන්න….

විශේෂඥවරු මුසලි ප්‍රදේශයේ භූමියක් මේ සඳහා තෝරා ගත්තා... මුසලි ප්‍රාදේශීය සභා සභාපති ලිඛිතව දන්වයි...

දිනසේන රතුගමගේ –

කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සඳහා ඉරණතීව් දූපත යොදා ගැනීම නිසා හටගෙන තිබෙන අර්බූදයට හොදම විසදුම එම මළ සිරුරු මන්නාරමේ මුසලි ප්‍රදේශයේ මිහිදන් කිරීම බවට මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිකන් මහතා රජයට යෝජනා කොට තිබේ.

කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සඳහා මුලින්ම අදහසක් පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මන්නාරමේ මුසලි ප්‍රදේශයට පැමිණ කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සදහා සුදුසු ස්ථානයක් හදුනාගෙන රජයට එම ස්ථානය පිළිබදව තොරතුරු දැණුම් දී ඇතැයිද මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

තමන් මේ සම්බන්ධයෙන් ලිපියක් රාජ්‍ය බලධාරීන් වෙත යොමු කළ බවත් ඉරණතීව් දූපතේ කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට යාමේදී ඇතිවිය හැකි බරපතල හා අවාසනාවන්ත තත්ත්වයන් මේ අවස්ථාවේදී වළක්වා ගත යුතු බවත් එම ලිපියේ සදහන් කළ බවද සුබිකන් මහතා කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය ඉරණතීව් දූපතේ ජීවත් වන වැසියන් සියලු දෙනාම දෙමළ වැසියන් වීම නිසා කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම සම්බන්ධයෙන් ඇතිවන විරෝධය තව තවත් තීව්‍ර වීම හැරෙන්නට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව පවසන සභාපතිවරයා ඉරණතීව් දූපතේ පලමු කොරෝනා මළ සිරුර භුමදානය සිදු කිරීමට පෙර රජය ඉතා ඉක්මන් හා බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇති බවද පැවසීය.

Exit mobile version