ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්ථානය පුරා උද්ඝෝෂණ මාලාවක්!

පාකිස්තාන හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් අද පස්වරුවේ අත් අඩංගුවට ගැනීමත් සමඟ එරට පුරා දැඩි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ.  හිටපු අග්‍රමාත්‍යවරයා අද ඉස්ලාමාබාද් අගනුවරු මහාධිකරණය වෙත ඔහුට එල්ලවී තිබූ දූෂණ චෝදනා වලට අදාලව කැදවා තිබූ නඩුවට පෙනී සිටීමට පැමිණි අවස්තාවේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ (පීටීඅයි) නිල ට්විටර් ගිණුමට අනුව ලාහෝර්, පෙෂාවර්, කරච්චි, ගිල්ගිට්, කරක් ඇතුළු නගරවල විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී. පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව, ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු විරෝධතාකරුවන් ලාහෝර් හී හමුදා ප්‍රධානීයාගේ නිවසට ඇතුළු වී ඔහුගේ නිවසට හානි කළහ.

එමෙන්ම තවත් ආධාරකරුවන් පිරිසක් විසින් පාකිස්ථාන හමුදා මූලස්ථානය වෙතට ගොස්ද සිය විරෝධය පළකර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී ඇතැම් විරෝධතාකරුවන් විසින් කලහකාරී ලෙසට හැසිරී ඇති බවටද වාර්තා වේ.


ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වයත් සමඟ ඉස්ලාමාබාද් නගරයට 114 වගන්තිය පැනවීමටද පියවරගෙන ඇත. මෙම වගන්තිය පැනවීමත් සමඟ නගරය තුල රැස්වීම් සහ විරෝධතා පැවැත්වීම වලක්වා ඇති අතඑ එම නියෝග කඩකරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට ඉඩ කඩ සැලසේ.

මේ අතර හිටපු අග්‍රමාත්‍ය ඛාන් අධිකරණ භූමය තුලදී අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ශවයන් රැසක් සිය අප්‍රසාදය පළකර ඇති බවටද වාර්තාවේ.

අද දින මහාධිකරණයට හිටපු අග්‍රමාත්‍යවරයා පැමිණීමන් පසුව සන්නද්ධ රථවලින් පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය ඛාන් අත් අඩංගුවට ගෙන පසුව අධි ආරක්ෂිත සන්නද්ධ රථයකින් රැගෙන ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම අත් අඩංගුවට ගැනීම පාකිස්තානය තුල දැඩි දේශපාලන පෙරලියක් බවටද පත්වීමට ඉඩ පවතින බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කරයි.

Exit mobile version