ඉම්රාන් ඛාන්ගෙ දවල් කෑම පාර්ලිමේන්තුව පාලුකරයි

පාර්ලිමේන්තු රැස්වීම අද (24) පැය එකහමාරකට පමණක් සීමා වී තිබේ.

ඒ මෙරට දෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටි පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවා භෝජන සංග්‍රහයට සහභාගි වීම හේතුවෙනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට ආරම්භ විය.


මන්ත්‍රීවරුන් විසින් අසා තිබූ ප්‍රශ්නවලට ඇමැතිවරුන් විසින් පිළිතුරු ලබා දීම පමණක් සිදු කර රැස්වීම පෙරවරු 11.30 ට අවසන් කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිල සංචාරය අවසන් කර ඉම්රාන් ඛාන් මහතා යළි අද පස්වරුවේ පාකිස්ථානය බලා පිටත්ව ගියේ ය.

Exit mobile version