ඉබ්බාගමුවේ ගම් 20ක් ඡන්දෙ දැමීම අත්හරිති

එළඹෙන මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකිරීමට ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්මාන 20 ක පදිංචිකරුවන් තීරණය කර තිබේ.

තම ගම්මාන හරහා දිවෙන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට කිසිදු රජයක් පියවර නොගත් බැවින් ඡන්දය දීමෙන් වැළකී සිටීමට මෙම ගම්මානවල ජනතාව තීරණය කර ඇත.

මෙම ගම්මාන අතර කණ්ඩුලාව-මීවැව, ගොඩගම, කරඹයාවැව, හිද්දන සහ ගලපල්ලෙයාය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ ද වෙති.


ඔවුන් පවසන පරිදි මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් පසුගිය රජය විසින් සමරු ඵලකයක් ද ඉදිකර ඇති නමුත් පොරොන්දුව ඉටුකර නැත.

මාර්ගය අලුත්වැඩියා කරන ලෙස නැවත නැවතත් කරන ලද ඉල්ලීම් කිසිවක් ඉටු නොවූ බව ද ඔවුහු පැවසූහ.

කිලෝමීටර් 12 ක් දුරක් පමණ දැඩි ලෙස අබලන්ව ඇති ගොකරැල්ල – කණ්ඩලාව මාර්ගය තවත් ප්‍රධාන මාර්ග දෙකක් සම්බන්ධ කරයි. ඒ කුරුණගල – දඹුල්ල මාර්ගය සහ ඉබ්බාගමුව – මාදගල්ල මාර්ගයයි.

ගම්වාසීන් පැවසුවේ මාර්ගයේ අබලන් තත්ත්වය නිසා එය රියදුරන්ට භාවිතා කළ නොහැකි වන අතර වැසි කාලවලදී මාර්ගය ජලයෙන් මුලුමනින්ම යට වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මැතිවරණය ළං වුණාම දේශපාලකයන් පාර ප්‍රතිසංස්කරණය කරන බවට පොරොන්දු වෙනවා. පසුගිය රජය හදපු සමරු ඵලකය දැන් පඳුරු වලින් වැහිලා. සෑම අවස්ථාවකදීම වුණේ මේ ආකාරයට වංචා කිරීම. මෙව් වංචාව දැන් අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ විදියටයි” යනුවෙන් ගම්වාසියෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version