ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාවෙන් අයර්ලන්ත කණ්ඩායමට 212ක ඉලක්කයක්!

කඩුල්ලක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්...

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කළ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයකයකින් අනතුරුව තම ඉනිම අත්හිටුවා අයර්ලන්තයට දෙවැනි ඉනිම සඳහා ඇරයුම් කර ඇත.

සිවුවන දිනය නිමා වනවිට අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් 02නාම ක්‍රීඩාගාරයේය. අයර්ලන්තයට ඉනිමක පරාජයෙන් බේරීමට ලකුනු 212ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබා දී ඇත.

පළමු ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 704කි.  ටෙස්ට් තරගයක කඩුළු 03කට ලකුණු 704ක් යනු ලේසි පාසු ලකුණු ගණනක් නොවේ. පන්දු ඕවර 151ක් තුළ මේ ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින්  ලබා ගත්තේය.

තරගය ආරම්භක පිතිකරුවන් සිවු දෙනාගෙන් ශතකය 06කි. ද්විත්ව ශතක දෙකකි. කුසල් මෙන්ඩිස් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළේය. ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සිය මංගල ශතකය ද්විත්ව ශතකයක් තෙක් රැගෙන ගියේය.


නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් ලැබුවේය. කණ්ඩායමේ ප්‍රවීනම ක්‍රීඩකයා වූ ඈන්ජලෝ මැතිව්ස් අවසාන මෙහොතේ වේගවත් ශතකයක් ලැබුවේය. පන්දු 114ක් තුළ හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් සමග ඔහු සිය ශතකය සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමෙන්  අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ දැඩි පීඩනයක් එල්ල කළහ. මේ වනවිට අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයේය.

අයර්ලන්තය ලකුණු 54කට කඩුළු 02කි.

ජේම්ස් මැක්කොලම් ලකුණු 10ක් ලබා සිටියදි  රමේෂ් මෙන්ඩිස් හමුවේ දැවී ගියේය. පීටර් මූර් ලකුණු 19කට ප්‍රභාත් ජයසූරියට ගොදුරු විය.

ප්‍රභාත් ජයසූිය  පන්දු ඕවර 11ක් තුළ ලකුනු 28කට කඩුල්ලක් ද රමේෂ් මෙන්ඩිස් පන්දු ඕවර 09ක් තුළ ලකුණු 17කට එක් කඩුල්ලක් ද ලබා ගෙනය.

නායක ඇන්ඩි බල්බ්‍රිනි ලකුණු 18ක් සහ  හැරී ටෙක්ටර් ලකුණු 07ක් සහිතව කඩුල්ලේ රැඳී සිටිති. දෙදෙනාම හතරේ පහර බැගින් ලබාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ අවසන් සහ තීරණාත්මක දිනය හෙටය.

Exit mobile version