ඉන්ධන – සේවා ප්‍රමුඛතතාවය සහ  කුණුවන නගර!

අමිල ජයවර්ධන –

සේවාවේ ප්‍රමුඛතාව සහ අත්‍යාවශ්‍යතාවය සම්බන්ධව දැන් වෙන කවරදාටත් වඩා වැඩි සංවාදයක් ඇති වී තිබේ.

ඒ තම තමන්ගේ වාහනයට ලබා ගැනීමට පොරකන ඉන්ධන ලීටරය වෙනුවෙනි. එකෙක් පරයා අනෙකා ස්වකීය සේවා අවශ්‍යතාවය ගැන කියමින් සිටිති.

එහෙත් ඒ ප්‍රමුඛතාවයේ කවදාවත් කුණු එකතු කරන කම්කරුවන්ගේ සේවාව තිබුණේ නැත. එහි නියත ප්‍රතිඵල ලැබී තිබේ. මේ වනවිට නගර බොහෝමයක් කුණුවෙමිනි. මේ මිනුවන්ගොඩ නගරයයි.


නගරය අපායකි. දින හතරකින් කුණු එකතුකර නැත. කුණු එකතු කරන ට්‍රැක්ටර සඳහා ඉන්ධන නැත. එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ නාගරික මන්ත්‍රී  නීතිඥ සුමුදු කැකුලන්දල කීවේ නගරයේ කුණු එකතු කිරීම සඳහා ට්‍රැක්ටර 06ක් සේවයේ යොදවා  තිබුණු බවය. මේ වනවිට එම වාහන හයටම ඉන්ධන නැති බවය.

රටේ බොහෝ නගරවල තත්ත්වය මෙයය.  මේ සියල්ල යළිත් ප්‍රමුඛතාව නිර්වචනය කරගැනීමට රටට බල කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිතිඥ සුමුදු කැකුලන්දල

 

Exit mobile version