ඉන්ධන සම්බන්ධව    ජනතාවට දැනෙන සහනයක් අප්‍රේල්වලදී  දෙන බව ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

ඉන්ධන සඳහා දැනෙන සහනයක් අප්‍රේල් මස ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

ලෝක වෙළෙඳපලේ බොර තෙල් මිල අඩුවීම සහ රුපියල ශක්තිමත් වීම යන කාරණා සලකා බලා එහි වාසිය ජනතාවට ලබා දෙන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම, අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා කියන එක.”

Exit mobile version