ඉන්ධන මිලෙන් පීඩිත දුගී මිනිසුන්ට සහනයක් දෙන්න… කාදිනල් හිමියෝ ඉල්ලති…

කීර්ති ප්‍රනාන්දු  –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන මිල වැඩි කළ යුතු නම් එය කළ යුතුව තිබුණේ ජනතාව මෙවැනි ව්‍යසනයකට පත් වූ මොහොතක නොවන බවත් මෙවැනි මිල වැඩිකිරීම්වලින් දිළිඳු ජන කොටස් ආරක්ෂා කරදෙන මෙන් ඉතා කාරුණිකව රජයෙන් ඉල්ලා සිටින බවත් කොළඹ අගරදගුරු මැලකම් කාදිනල් රංජිත් හිමිපානෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

උන්වහන්සේ කියන්නේ මේ වනවිට විශේෂයෙන් බස්නාහිර වෙරළබඩ ධීවර ප්‍රජාව කොවිඩ් සංචරණ සීමා, එක්ස්ප්‍රස් පර්ල් ගිලී යෑම නිසා සිදුවූ මිල කළ නොහැකි සාගර සම්පත් විනාශය නිසා පීඩාවට පත් වූ මොහොතක තෙල් මිල වැඩිවීමෙන් තුන්වැදෑරුම් ව්‍යසනයකට ලක් වී ඇති බවය.

මෙවැනි අවස්ථාවල දී පෙර පැවති රජයන් මෙන් සලකා බලා ඉන්ධනමිල වැඩිකළ අවස්ථාවන්වල දී ධීවර  ප්‍රජාවන්වලට ලබා දුන් සහනය ලබා දීමට කටයුතු කරන මෙන්ද කාදිනල් හිමියෝ ඉල්ලා සිටිති.

මේ පිලිබඳව කාදිනල්තුමා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version