ඉන්ධන බෙදාහැරීම අඩකින් අඩුවේ

fuel

ඉන්ධන ප්‍රවාහන මෙහෙයුම් සියයට 50කින් පමණ පහළ මේ වනවිට අඩුවී ඇති බව ඉන්ධන ටැංකි ප්‍රවාහකයෝ පවසති . සමස්ත ලංකා ඉන්ධන ප්‍රවාහකයන්ගේ සංගමයේ නියෝජිතයකූ සදහන් කළේ සාමාන්‍යයෙන් දිනකට බව්සර් රථ 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන බෙදා හැරීමේ නිරත වූවද එය මේ වනවිට බව්සර් 100ත් 150ත් අතර ප්‍රමාණයක් ධාවනය වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ තත්ත්වයට හේතුව ඉන්ධන ඇණවුම් අඩුවීම ද නැතිනම් සැපයූම අඩාල වීමද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද ඔහු පැවසීය. මේ වනවිට ඉන්ධන සැපයූම සීමා වී ඇති අතර ඉන්ධන පවතින පිරවුම් හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබේ.

Exit mobile version