ඉන්ධන අර්බුදය අති බිහිසුණුයි! තෙල් එන දවසක් කියන්න බෑ… ඇමතිම කියයි!

Kanchana-W

යළි ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් ගැන තවමත් නිශ්චිතව කිව නොහැකි බව පවසන බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඇතැම් විට සදුදා දිනයේදී ඒ ගැන ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබෙනු  ඇතැයි විශ්වාසය පළ කළේය.  ඔහු මේ බව ප්‍රකාශ කළේ රටේ වත්මන් ඉන්ධන අර්බුදය පිළිබඳව අද (26) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

පවතින ඩොලර් හිඟය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයට හැරී ඇති බැවින් මේ යන ආකාරයට තවත් වසරක්වත් යන තෙක් මෙම ඉන්ධන පෝලිම් පවතිනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ මාසික ව ඉන්ධන පිරිවැය ඩොලර් මිලියන 630 සිට  ඩොලර් මිලියන 350ක් දක්වා සීමා කිරීමට සිදු ව ඇති බවත් ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සහ පොදු ප්‍රවාහන සේවාවලට ප්‍රමුඛතාව දීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීම කළ යුතුව  ඇති බව ප්‍රකාශ කළේය.

එසේම ඊයේ පැවති ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේ තීරණයකට අනුව සඳුදා සිට සෑම ඉන්ධනහළකම පෝලිමේ සිටින පුද්ගලයන්ට එක් පුද්ගලයකුට එක් ඉන්ධනහලකින් ඉන්ධන ලබා ගත හැකි වන ආකාරයට ටෝකන් ක්‍රමයක් ඇති කිරීමට තීරණය කළ බවද සඳහන් කළේය.


මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කාංචන විජේස්කර  මෙසේද කීවේය.

 “මේ වනවිට ශ්‍රි ලංකාව සිය සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735ක් පමණ ගෙවන්න තිබෙනවා. මේ ගෙවීම් කරන්නේ නැතිව කිසිම සැයුම්කරුවකු අපට තෙල් දෙන්නේ නෑ. අපේ ළඟ කිබෙන සල්ලි මහජන බැංකුවේ ණයවර ලිපියට අදාළ මුදල් මහ බැංකුවෙන් අපට වෙන් කරපු මුදල් සියල්ල එකතු කළාම අපිට ඩොලර් මිලියන 135ක වගේ මුදලක් තිබෙන්නේ . නමුත් එවිටත් ඩොලර් මිලින 550ක වගේ හිගයක් තිබෙනවා.

මේ තත්ත්වය ඉතා කණගාටුදායක තත්ත්වයක්.  අපි මේ වනවිට අලුත් සැපයුම්කරුවන්  පිළිබඳව සලකා බලමින් සිටිනවා. සද් භාවයෙන් යුතුව ඉදිරිපත් වුණු යෝජනා 140ක් මේ වනවිට  ලැබී තිබෙනවා. ඒවා පෙට්‍රල්  සහ ඩීසල් දැවිතෙල් ගුවන් යානා තෙල් ආදී වශයෙන් නිලධාරීන් කණ්ඩායම් හතරක් මඟින් වෙන වෙනම අධ්‍යයනය  කරමින් ඉන්නවා. මෙයින් අපට දැනට ඉදිරියට ඉක්මනින් යාමට සලකා බලන්න පුළුවන් යෝජනා තිබෙන්නේ 5ක් විතර. නමුත් අපි හැමවෙලලේම අඩුම මිල ගණන් යටතේ පවතින අර්බුයට හමුවේ තෙල් මිලදී ගන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා“.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ බැංකු ශ්‍රේණිග  කිරීම්වලින්  පහළට දැමීමත් සමඟ අප සමග සිටි ඇතැම් සැපයුම්කරුවනුත් ඉවත් වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා. ඉදිරි අනාගතය තුළ දිගින් දිගටම මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙයි.  අඩුම තරමින් වසරක්වත් යන තෙක් කළමනාකරණය නිසි අයුරින් සිදුවන තුරු දින ඉන්ධන පෝලිම් නැති කරන්න බැරි වෙයි.“ යයිද පැවසීය.

Exit mobile version