ඉන්ධනහල්වලට තෙල් සැපයුමත් සීමා කරයි!   තෙල් නැව් ඇත… ඩොලර් නැත…

පැමිණ තිබෙන ඉන්ධන නෞකාවල තෙල් සැපයුම් පද්ධතියට ලබා ගන්නා තෙක් ඉන්ධනහල්වලට සිදු කරන සැපයයුම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඊයේ සවස ඩේලි මිරර් පුවත් පත වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට බවුසර තුනක් අවශ්‍ය ස්ථානවලට බවුසර් දෙක බැගින් යැවීමට සිදුව ඇති බවයි. මේ තත්ත්වය මත දිවයින තුළ ඇතැම් ඉන්ධනහල් ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට සීමා කර ඇති බවද වාර්තා වේ.

මේ වනවිට ඉන්ධන නෞකා තුනක් ශ්‍රි ලංකාව ආසන්නයට පැමිණ තිබුණද ඩොලර් හිඟය හේතුවෙන් මෙම නැව් ගොඩ බා ගැනීමේ දැඩි දුෂ්කරතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව අදහස දැකවූ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රකාශකයෙක් ලංකාසරට සඳහන් කළේ මෙම තෙල් නැව් සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා මේ වනවිටත් ශ්‍රි ලංකා මහ බැංකුවත් රාජ්‍ය බැංකු ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් මෙන්ම අමාත්‍යංශ මට්ටමින් කටයුතු සිදුවන බවයි.

Exit mobile version