ඉන්දු-පැසිපික් කලාපය චීන ග්‍රහණයෙන් මුදාගැනීමට ඉන්දියාව පෙරමුණට

ඉන්දියාව සහ ප්‍රංශය විසින් ඉන්දු පැසිපික සමුද්‍ර කලාප වල ආරක්ෂාවත් කළාපය තුල ජාත්‍යන්තර නීතින්ට අනුකූලව ආර්ථික කටයුතු පවත්වාගෙන යාමටත් අවදානය යොමු වී තිබේ.

ඒ අනුව මේවන විට අදාල කාලාපයට විශාල අභියෝගයක් ව පවතින චින ආර්ථික ආක්‍රමණයට සාර්ථකව මුහුණ දීමටත් කාලාපය සෑමට රටකටම සාධාරණව භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මෙනන් ප්‍රංශ රජය සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී දෙරටේ සමුද්‍රීය ආර්ථික කටයුතු වර්ධනයත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකාච්ඡා කර ඇත.


මෙහිදී ප්‍රංශ විසින් තමන් සමාජිකත්වය දරණ යුරෝපා සංගමයේ සහයද මේ සඳහා ලබා ගැනීමට දැඩි අවධානයක් යොමුකර ඇති අතර එහිදී ඉන්දු පැසිපික් කාලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගම වඩාත් ක්‍රියාශීලි දායකත්වයක් දැක්විය යුතු බවටද මෙහිදී අවධාරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව සහ ප්‍රංශය විසින් ජාත්‍යන්තර මුහුදු කාලාප සෑම රටකමට පොදුවේ භාවිතා කළ හැකි මාධ්‍යක් බවට පත්කිරීමටත් චීනයේ ග්‍රහනයට නතු කරගැනීමට ඉඩකඩ වැලැක්වීමට ගතයුතු ක්‍රියාමර්ග සම්බන්ධනේද මෙහිදී අවදානය යොමුකර ඇත.

Exit mobile version