ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවස ඡයාරූප ගත කළ පකිස්ථානුවන් තිදෙනෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි තානාපති නිල නිවස මේ තිදෙනා ඡායාරූප ගත කර වීඩියෝ කර ඇත්තේ ත්රී රෝද රථයක ගමන් කරමින් සිටිය දී ය.
මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි ලැබීමත් සමත ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
පකිස්ථානුවන් තිදෙනා ඇප මත මුදා හැර ඇති අතර මේ මස 25 දක්වා රටින් පිටව යෑම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ.