ඉන්දීය ධීවර කොල්ලකරුවෝ ලක්ෂ 30 දැල් කපලා… වඩමරච්චි ධීවරයින් උද්ඝෝෂණයක…

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් විසින් යාපනයේ වඩමරච්චි ධීවරයින්ගේ රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා දැල් කැපීමේ  සිද්ධියකට විරෝධය පලකරමින් වඩමරච්චි ධීවරයෝ අද ( 1 ) මුහුදු යාමෙන් වැළකී විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

ඉන්දීය ටෝලර් යාත්‍රා වලින් පැමිණි ඉන්දීය ධීවරයින් විසින් කපන ලද දැල් වල ඉතිරි කොටස් 31 දා රාත්‍රියේ ගිනි තබා විනාශ කළ වඩමරච්චි ධීවරයෝ පසුව මෙම විරෝධතාවය දියත් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාවය අවසානයේදී මේ පිළිබදව සාකච්ඡා කිරීමට වඩමරච්චි ධීවරයන් යාපනයේදී ධීවර අමාත්‍යවරයා හමු වීමට බලාපොරොත්තු වන බව වඩමරච්චි එක්සත් ධීවර  සමීති සංගමය ප්‍රකාශ කරයි.


Exit mobile version