ඉන්දීය ධීවරයෝ ලාංකික ධීවර යාත්‍රාවක් බේරාගනිති

ගැඹුරු මුහුදේදී දුෂ්කරතාවයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් සහ ඔවුන්ගේ බෝට්ටුව ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් බේරා ගෙන තිබේ.

ලියාපදිංචි අංක IMUL-A-0039-TLE දරණ ලුලු- 01 නමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව මෙසේ බේරාගෙන ඇත.

ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අසීරුතාවයන්ට මුහුණ දුන් අතර උතුරු චෙන්නායි හි සිට නාවික සැතපුම් 24ක් දුරින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් එම යාත්‍රාව දකින ලදී.


ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ සහ එහි සිටි අයගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් එම ඉන්දීය ධීවර යාත්‍රාව විසින් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාව කට්ටුපල්ලි හි අදානි වරාය වෙත සාර්ථකව ඇදගෙන එන ලදී.

ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවේ සිටි සිව්දෙනාම ආරක්ෂිතව පසු වන අතර ඉන්දීය බලධාරීන් විසින් ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සහ දෙරට ජනතාව අතර පවතින හොඳහිත සහ මිත්‍රත්ත්වය පිළිඹිබු කරන්නක් බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

Exit mobile version