ඉන්දීය ධීවරයින් 21කට කයිට්ස් අධිකරණයෙන් වසර තුනක අත්හිටවූ සිර දඬුවමක්…

දිනසේන රතුගමගේ –

අනවසරයෙන් උතුරු මුහුදු තීරයට පැමිණ මසුන් මරණ ලද ඉන්දීය ධීවරයින් 21 දෙනෙකුව කයිට්ස් මහේස්ත්‍රාත්වරයා විසින් වසර දහයකට අත්හිටවූ  වසර තුනක හිර දඩුවමකට යටත්ව ඊයේ (21) නිදහස් කොට තිබේ.

මෙම ධීවරයින් පිරිස මුලින්ම පේදුරුතුඩුවේ ධීවරයින් විසින් අත් අඩංගුවට ගෙන නාවික හමුදාව වෙත බාර දී තිබුණි.

පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණ නියෝග මත ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඉන්දීය ධීවරයින්ට මේ දඬුවම පනවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිදහස ලැබූ ධීවරයින් පිරිස බන්ධනාගාර නිලධාරීන් විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත බාර දීමට පියවර ගෙන ඇති අතර ඉන් පසුව ඔවුන්ව ආපසු ඉන්දියාව වෙත පිටත් කොට යැවීමට නියමිතය.

Exit mobile version