ඉන්දීය ධීවරයින් 05 දෙනෙකුට මුහුද මැද දී ප්‍රහාරයක්… යකඩ පොලුවලින් පහර දි මාලු කිලෝ 1200ක් කොල්ල කාලා…

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් පස් දෙනෙකුට ශ්‍රී ලංකාව හා ඉන්දීය මුහුදු තීරයේ සීමාවේදී 23 දා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ඉන්දීය ධීවරයින් පස් දෙනා වෙනත් ඉන්දීය බෝට්ටුවක ආධාරයෙන් රැගෙන ගොස් තමිල්නාඩුවේ පෝරායියාර් රෝහලට ඇතුළත් කොට ඇත.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉන්දියාවේ මයිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ තරංගම්බඩි ප්‍රදේශයේ ධීවරයින් පිරිසකි.

ඔවුන් බාලමුරුගන්, අරුන් කුමාර්, මාධවන් කාර්ති, මුරුගන් සහ වෙල්මුරුගන් වශයෙන් හදුනාගෙන තිබේ.


ඉන්දීය ධීවරයින්ට මුහුද මැදදී ඔවුන්ගේ බෝට්ටුවට බලහත්කාරයෙන් ගොඩ වූ පිරිසක් යකඩ පොලු වලින් පහර දී ඇති අතර ධීවරයින් විසින් අල්ලා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 1200 ක පමණ මාලු තොගයක්ද පැහැර ගෙන ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ට පහර දුන් පිරිස ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර තමිල්නාඩුවේ රාමේස්වරන්  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි

Exit mobile version