ඉන්දීය දුම්රිය ඉතිහාසය වෙනස් වෙයි

නව දිල්ලියේ සිට කාෂ්මීරය දක්වා දිවෙන නවතම දුම්රිය මාර්ගය නුදුරේදීම මහජන අයිතියට පත්කිරීමට හැකිවෙනු ඇතැයි ඉන්දීය රජය සඳහන් කරයි.

ඒ අනුව මෙම දුම්රිය මර්ගය ඉදිකිරීමේ අවසන් අදියරේ පවතින බවත් එය ලබන අවසර මුලදී භාවිතය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ඉන්දීය දුම්රිය බලධාරීන් පවසයි.

මෙම දුම්රිය මාර්ගය ඉතා අභියෝගාත්මක ප්‍රදේශයක් පුරා දිවයයි. මෙහිදී දුම්රිය මාර්ගයේ කට්රා සිට බන්හාල් දක්වා වූ කිලෝමීටර්111 ක දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 12.6 ප්‍රදේශයක් පුරා උමං මර්ග ඉදි කිරීමට සිදුව ඇති බවද ඉංජිනේරුවන් සඳහන් කරයි.


මීට අමතරව මෙම මර්ගයේ පාලම් 37ක් ඉදි කර තිබීමද විශේෂත්වයකි. ඊට මහා පරිමානයේ පාලම් 26ක්ද කුඩා පරිමානයේ පාලම් 11ක්ද අයත්වේ. එමෙන්ම මෙම මර්ගය උමං 35කින්ද සමන්විත වීමද විශේෂත්වයකි.

මෙම දුම්රිය මාර්ගයේ තවත් විශේෂත්වයක් වන්නේ එම මර්ගයේ ලොව මෙතෙක් ඉදිවූ විශාතම දුම්රිය පාලම ඉදි වීමයි. එය චෙනාබ් ගංගාව මතින් ඉදිවෙන අතර එය යකඩ ආරක්කු යොදා ගනිමින් ඉදිකිරීම මේවන විටත් සිදුවෙමින් පවතී.

එම පාලම ඉදිකිරීමට ඉන්දීය ඉංජිනේරුවන්ගේ සුවිශේෂි දැණුම් සහ අත්දැකීම් යොදා ගෙන ඇති අතර එය ඉදිරි මාසකය පමණ කාලයේදී නිමකර අවසන් කිරීමට හැකියාව පවතින බවද ඉන්දීය දුම්රිය බලධාරීණ් සඳහන් කරයි.

මෙම පාලම ඉන්දීය රුපියල් කෝටි විසි අටදහසක් වැයකර ඇති බවද ඉන්දීය බලධාරීන් පවසයි. එමෙන්ම මෙම පාලම පැරිසියේ අයිෆල් කුළුනට වඩා මීටර් 35කින් උසින් වැඩි වේ.

ඒ අනුව මෙම පාලම ජල මට්ටමේ සිට මීටර් 359ක් ඉහළින් පිහිටා ඇති අතර එය මීටර් එක්දහස් තුන්සිය පහලොවක දිගින් යුක්තය.

මෙම පාලම ඉදිකරීමට නවීන තාක්ෂණය යොදාගෙන ඇති අතර එය සෙල්සියන් අංශක සෘණ දහයක අවම උෂ්ණත්ව තත්ත්වයක සහ උපරිම සෙල්සියස් අංශක 40ක උපරිම උෂණත්ව තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා තිබීමද විශේෂත්වයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම දුම්රිය මාර්ගය සහ පාලම ඉන්දීය දුම්රිය ඉතිහාසය වෙනස් කරනු ඇති බවද ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කරයි.

Exit mobile version