ඉන්දියා -ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය විසඳන්න…  තමිල්නාඩු මහ ඇමති ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි!

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ධීවරයින් අත්අඩංගුවට නොගෙන ඉතා සාමකාමී ලෙස ධීවර ප්‍රශ්නය විසදා ගැනීමට වහාම රටවල් දෙක අතර සාකච්ඡා ආරම්භ කරණ ලෙසත් මෑතකදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙසත් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාර්ලින් ඊයේ (16) ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි වෙත ලිපියක් යවන  තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන් ඉල්ලා ඇත්තේ උතුරේ මෙම ධීවර ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනවශ්‍ය ආකාරයට සබඳකම් පලුදු වී යා හැකි බවයි.

අතීතයේදී රටවල් දෙකෙහිම ධීවරයන් ඉතා සාමකාමී ලෙස මහ මුහුද බෙදාගෙන ධීවර කටයුතුවල නිරත වූ බවත් දේශපාලනඥයින් මේ ප්‍රශ්නයට මැදිහත් වීම නිසා සුහද බව වෙනුවට නීති රීති රැසක් එක්වීම නිසා මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හට ගත් බවත් ස්ටාර්ලින් මහ ඇමති ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉන්දු -ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුමක්  වහාම ගත යුතු බව සඳහන් කරන මහඇමතිවරයා මෑතකදී යාපනයේදී නාවික හමුදා අත් අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින්  23 දෙනා පිළිබඳව කඩිනම් විසඳුමක් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට ගන්නා ලෙසද ඉල්ලා තිබේ.

Exit mobile version