ඉන්දියාව හා යුරෝපා සංගමය යලි සාකච්ඡා අරඹයි

ඉන්දියාව හා යුරෝපා සංගමය වසර 9කට පසුව නිදහස් වෙළෙඳ ගිවිසුම නැවත දියත් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේය.

ජූනි 17 වැනිදා බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මූලස්ථානයේ පැවති උත්සවයකදී ඉන්දීය වාණීජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් හා යුරෝපීය කොමිසමේ විධායක උප සභාපති වැල්ඩිස් ඩොම්බ්‍රොව්ස්කිස් මෙම සාකච්ඡා ආරම්භ කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිදහස් වෙළෙඳ ගිවිසුමට අමතරව ස්වාධීන ආයෝජන ආරක්ෂණ ගිවිසුම හා භූගෝලීය දර්ශක ගිවිසුම සඳහා ද සාකච්ඡා ඇරඹීමට නියමිතය. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් වැදගත් වන්නේ එක්සත් ජනපදයට පසුව යුරෝපා සංගමයේ දෙවන විශාලතම හවුල්කරු ඉන්දියාව වන බැවිනි.


Exit mobile version