ඉන්දියාව සහ රුසියාව වෙළෙදාමට විකල්ප හොයයි

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ දෙදින ඉන්දීය සංචාරයේ දී, ඉන්දියාව විශේෂ වට්ටම් සහිතව රුසියාවෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කිරීමට අවස්ථාව ලබා ගැනීම පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මාර්තු 31 හා අප්‍රේල් 01 යන දෙදින තුළ සිදුකෙරෙන මෙම සංචාරයේ දී, යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව රුසියාව වෙත සම්බාධක පැනවීම පිළිබදවත් එම පසුබිම තුළ වෙළෙදාම පවත්වාගෙන යන ආකාරය පිළිබද සාකච්ඡා කරනු ඇති බවත් පැවසේ.

රුසියානු බැංකුවලට බටහිර සම්බාධක මගින් සම්බාධක පනවා ඇති නිසා ඒ වෙනුව‍ට අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබද මෙහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.


රුසියාව ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක දෘඩාංග සැපයුම්කරු වුවද සමස්ත වාර්ෂික වෙළඳාම පැවතුණේ ඉතා කුඩා අගයක වන අතර යුක්රේනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ලබා දුන් ඉහළ වට්ටම් හේතුවෙන් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන 13ක් මිලදී ගෙන ඇති බව පැවසේ.

පසුගිය වසර පුරාවටම ද ඉන්දියාව රුසියාවෙන් ලබා ගෙන තිබුණේ බොරතෙල් බැරල් මිලියන 16 ක් පමණ ක් බව විදෙස් වාර්තා සදහන් කරයි.

වානේ නිෂ්පාදනය සඳහා භාවිතා කරන රුසියානු කෝකින් ගල් අඟුරු ආනයනය දෙගුණ කිරීමට ද ඉන්දියාව දැන් සලකා බලමින් සිටින බව ඉන්දීය වානේ අමාත්‍යවරයා පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුක්‍රේනයෙන් සැපයුම් නැවැත්වීමෙන් පසු ඉන්දියාව රුසියානු සූරියකාන්ත තෙල් ටොන් 45,000 ක් ද මිලදී ගැනීමට ගිවිසුම් ගත වී ඇති බව ද පැවසේ.

Exit mobile version