ඉන්දියාව සහ භූතාන විශේෂ සාකච්ඡාවක

India Bhutan

ඉන්දියාව සහ භූතානය අතර ක්ෂේත්‍ර රැසකට අදාල කරුණු සම්බන්ධයෙන් විශේෂ ද්වීපාර්ශවීය සාකච්ඡාවක් පසුගියා පැවතිනි. මෙම ද්වීපාර්ශවීය සාකච්ඡාව ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාර්ටා සහ භූතාන අග්‍රාමාත්‍ය ලොටෙයි ශෙරින්ග් අතර පැවැත්විණි. මෙහිදී මූලික වශයෙන් දෙරටට වැදගත් ක්ෂේත්‍ර වන බලශක්තිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර කෙරහි වැඩි අවධානයක් යොමුව තිබිණි.

ඉන්දියාව විසින් භුතානයේ ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපනයට දක්වන සහයත් පාසල් සංවර්ධනයට දක්වන සහය පිළිබඳවත් භුතාන අග්‍රාමත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය. මෙහිදී භූතානයට ඉන්දීය වෙළෙඳ පොලට ඇතුලු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ අතර එමගින් දෙරටේ ද්වීපාර්ශවීය වෙළෙඳාම වර්ධනය කරඟැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද අවදානය යොමු කෙරිණි.

මෙහිදී භූතානයේ 13 වැනි පස් අවුරුද සැලසුමට සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ අතර එහිදි අග්‍රමාත්‍යවරයා විසින් සිය වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් පැහැදි කළ බව අග්‍රමාත්‍යවරයාගේ කාර්යාලය අනාවරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියා භූතානය සමග ඉතා සමීප සම්බන්ධාතාවයක් පවත්වාගෙන යන අතර එහිදී දෙරටටම බලපාන අභියෝගයක් වන චීන සම්බන්ධයෙන්ද පසුගිය කාලයපුරාවට සාකච්ඡා පවත්වා තම දේශසීමා ආරක්ෂා කිරීමට පියවර ගැනීමට සමත්ව තිබිණි.

Exit mobile version