ඉන්දියාව යළි කොවිෂීල්ඩ් එන්නත් අපනයනය අරඹන්න තීරණය කරයි…

ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයට ලබා දීමට ඉන්දියාව තීරණය කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ (24) වාර්තා කළේය.

ඉන්දියාවේ ඉතා බිහිසුණු ලෙස කොවිඩ් දෙවන රැල්ල මතුවීම, ඒ හේතුවෙන් ඉන්දියානු කොවිඩ් ආසාදිතයන්ට ප්‍රමුඛස්ථානය ලබා දීමට සිදුවීම, ඒ අතර එන්නත නිශ්පාදනය කළ සීරම් ඉන්සිටිටියුට් ආයතනය ගිනි ගැනීම නිසා නිශ්පාදනය සීමා සහිත වීම හේතුවෙන් මෙතෙක් එන්නත් අපනයනය කළ රටවලට සැපයුම් නවතා දැමීමට ඉන්දියාවට සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රට තුළින් එන පීඩාව දරාගත නොහැකිව සීරම් ඉන්සිටිටියුට්හි හිමිකරු තාවකාලිකව ඉන්දියාව හැර ගියේය.
කෙසේ වෙතත් මේ වනවිට එම එන්නත් අපනයන කටයුතු යළි ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇත.


Exit mobile version