ඉන්දියාවේ සිට එන සියල්ලන්ටම ඔස්ට්‍රේලියාව තහනම්… ආවොත් වසර 05ක් හිරේ…

ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා කිසිම පුද්ගලයෙකුට ඉන්දියාවේ සිට සිය රටට පැමිණීමට නොහැකි සේ තහනමක් පනවා ඇති බවත් එම තහනම කඩ කර ඉන්දියාවේ සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට වසර 05ක සිර දඬුවමකට හෝ දඩයකට යටත් වීමට සිදුවන බවත් ඔස්ට්‍රේලියානු බලධාරීහු නිවේදනය කරති.

මේ වනවිට ඔස්ට්‍රේලියානුවන් 9000ක් පමණ ඉන්දියාවේ සිටින බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙයි.  මින් 600ක් පමණ අවදානම් තත්වයේ පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවත් මේ පවතින තත්වය හමුවේ කිසිම ඔස්ට්‍රේලියානුවෙකුට ඉන්දියාවේ සිට සිය මවු රටට ඇතුළු වීම සපුරා තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇත.


Exit mobile version