ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් නිරෝධායනයේ අක්‍රමිකතා… වියත් මග පිළිගනී..

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ බ්‍රැන්ඩික්ස් සේවයකන් නිරෝධායනයට ලක් කිරීමේ දී නිරෝධායන පිළිවෙත ව්‍යසනයට ලක් කරමින් අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇති   ආකාරය වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු  ප්‍රථම වරට වියත්මග සංවිධානය වශයෙන් පැවසුවේය.

ඔහු මෙම අදහස් දැක්වූයේ ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
එම සමාගමේ ප‍්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බවත්, බ‍්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බවත්  ඔහු කියා සිටියේය.

තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු  ලේකම්වරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගිය දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර පවසා සිටියේ රට අඩපණ කළ කොවිඩ් රැල්ල පිටුපස කුමන්ත්‍රණයක් ඇති දැයි සෙවීමට  රජය විශේෂ විමර්ශනයක් කළ යුතු බවය.

 


Exit mobile version