ඉන්දියාවෙන් පනින අය නිසා මන්නාරමේ කොරෝනා අවදානමක්

දිනසේන රතුගමගේ

ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩි වීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව පාසල් සිසුන් හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් මුදවා ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා මන්නාරම දිසාපති එස්.මෝහනදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් 13 දා පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග රැසක් සාකච්ඡා කොට තිබේ.


ඉන්දියාව තුළ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යාමත් මරණ සංඛ්‍යාව වාර්තාගත අන්දමට ඉහල යාමත් නිසා මන්නාරම තලෙයිමන්නාරම යන පළාත් වලට ඉන්දියාවේ කොරෝනා අවදානම ඉතා පහසුවෙන් ළගා විය හැකි බව ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබේ.

නීති විරෝධී ජාවරම් කරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු වල ආධාරයෙන් මන්නාරමට පැමිණීමත් ඉන්දීය ධීවරයින් මන්නාරම පළාතට පැමිණීම වැඩි වීමත් සමගම කොරෝනා වසංගතයේ අවදානම් සහගත තත්ත්වය වැඩි වී තිබේ.

මුහුදු මගින් පැමිණෙන පිරිස පාලනය කිරීමේදි නාවික හමුදාවට වඩි කාර්ය භාරයක් සිදු කිරීමට හැකි අතර සෙසු ආරක්ෂක අංශ ඒ පිළිබදව දැඩි අවධානය යොමු කරවීමට මේ සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

මේ වන විට මන්නාරමේ රජයේ පාසල් සියල්ලම විවෘත කොට තිබීම නිසා පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් මන්නාරම නගරයේ හැසිරෙන නිසා ඔවුන්ට කොරෝනා වෛරස් රෝගය පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පාසල් වල විදුහල්පතිවරු හා ගුරුවරුන් ලවා උපදෙස් දීමටද තීරණය කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු පලාගොස් මන්නාරම දුම් රිය ස්ථානයේ රැදී සිටීමත් සමගම මන්නාරමේ කොරෝනා අවදානම පිළිබදව කතා බහ යළිත් වරක් දැඩි වී තිබේ.

Exit mobile version