ඉන්දියානු බැතිමතුන් නැතිව නල්ලූර් මංගල්‍යය ඇරඹේ

දිනසේන රතුගමගේ:

යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය මේ මස 25 වෙනිදා කොඩි සිටුවීමත් සමගම ආරම්භ වන නමුත් මෙවර එම මංගල්ලය සදහා ඉන්දියාවේ කිසිදු අයෙකු සහභාගි කරවා නොගැනීමට කෝවිල් බාරකාර මණ්ඩලය තීරණය කොට තිබේ.

නල්ලූර් කෝවිලේ බාරකාර මණ්ඩලයේ ප්‍රධානී එස්.ජෙයසීලන් කුරුක්කල්වරයා පැවසුවේ පසුගිය වසරේ කෝවිලේ ආරාධනය මත ඉන්දියාවේ සිට හින්දු බැතිමතුන් 600 ක් වාර්ෂික මංගල්ලයට සහභාගී වූ බවයි.


අනාරාධිතව ඒ හා සමාන හින්දු බැතිමතුන් පිරිසක් පසුගිය වසරේදී නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලයට සහභාගී වූවත් මෙවර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කෝවිල තුළ ප්‍රධාන ශාලාවේ රැදී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව පනහකට සීමා කරණ බවද බාරකාර මණ්ඩලයේ ප්‍රධානියා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට වඩා විශාල බැතිමතුන් පිරිසක් කෝවිල් භූමියේ සිට වාර්ෂික මංගල්ලයට සහභාගී වනු ඇතැයි කී ඔහු ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය නිර්දේශ ගරු කරණ ලෙස බැතිමතුන්ට දැණුම් දෙන බවද සදහන් කළේය.

Exit mobile version