ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ආරාධනාවක් මත සිව් දින නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් 12 වන දින කොළඹට ළඟා විය. අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් කොළඹ දී පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතරතුර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමු වීමට නියමිතය. එසේම, එතුමා ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද හමු වනු ඇත. අද්මිරාල් හරි කුමාර් මහතා ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ විසිරයාමේ උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී වනු ඇත.

ඉන්දියාව විසින් ම නිපදවන ලද බහු කාර්ය මිසයිල නෞකාවක් වන ඉන්දියානු නාවික හමුදාවේ සහ්යද්‍රි නෞකාව ද මෙම සංචාරයට සමගාමීව දෙසැම්බර් 13 වන දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු ක්‍රියාකාරකම්වලට සහභාගී වනු ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමුද්‍රීය සහයෝගිතා අභ්‍යාසයන්හි ද නිරත වනු ඇත.


2022 මාර්තු මස පැවති SLINEX 21 වාර්ෂික නාවික අභ්‍යාසයේ දී ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමීපව කටයුතු කළේය. තව ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු නාවික හමුදාව 2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් තිළිණ කළේය. සමුද්‍රීය තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රයන් තුළ අභිරුචිකරණය කරන ලද සහ විශේෂිකරණය කරන ලද පුහුණුවීම් ද ඉන්දියානු නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමාගේ සංචාරය දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා සහ සමීප සහයෝගීතාවය සංකේතවත් කෙරේ. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට “අංක එකේ ප්‍රමුඛත්වය” ලබා දී ඇත. මෙම සංචාරය දෙරට අතර පවතින ද්විපාර්ශවික සමුද්‍රීය සබඳතා ශක්තිමත් කරනු ඇති අතර දෙරට ආරක්ෂාවට පොදුවේ බලපාන කරුණු සහ ධාරිතාවයන් වැඩි දියුණු කිරීමේ සහ හැකියා ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳව ද මෙම සංචාරය අතරතුර සාකච්ඡා කෙරෙනු ඇත. එසේම, මෙම සංචාරය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව දෙරට අතර වර්ධනය වන සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිබඳ සංකේතයකි.

Indian Naval Staff

Exit mobile version