ඉන්දියානුවන් පිරිසක් යාපනේ ධීවරයෙකුට මුහුද මැදදී කඩුවලින් කොටා පහර දීලා

දිනසේන රතුගමගේ

ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකුට මුහුද මැදදී පහර දී කඩුවලින් කපාකොටා තුවාල සිදු කොට ඇති බවට 5 දා වැල්වෙට්ටිතුරේ පොලීසියට පැමිණිලි කොට තිබේ.

තුවාල ලබා ඇති වැල්වෙටිතුරේ ආදීකෝවිල්අඩි ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අප්පුලිංගම් අමිර්තලිංගම් නැමති ධීවරයාව වැල්වෙටිතුරේ රෝහලට ඇතුලත් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් වඩමරච්චි ධීවර සංගමයේ සභාපති එස්.වර්ණකුලසිංහම් මහතා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයෙන් හා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කොට තිබේ.


සිද්ධියට මුහුණ දුන් ධීවරයා වැල්වෙට්ටිතුරෙයි මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 11 ක දුරින් මසුන් මරමින් සිටියදී බෝට්ටු තුනකින් පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ ධීවරයාගේ බෝට්ටුව වට කොට පහර දී පසුව කඩුවලින් කපා කොටා තුවාල සිදු කොට තිබේ.

පහර දුන් ඉන්දීය ධීවරයෝ යාපනයේ ධීවරයාට අයත් ජී.පීඑස්.යන්තරයක් දුරකතනයක් ඇතුළු භාණ්ඩ පැහැර ගෙන ඒවා මුහුදට දැමූ බව සිද්ධිය දුටු ධීවරයෝ පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

යාපනයේ ධීවරයා ගමන් කළ බෝට්ටුවේ එන්ජිමටද බෝට්ටුවටද ඉන්දීය ධීවරයෝ පහර දී අලාභ හානි සිදු කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැල්වෙටිතුරේ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version