ඉදිරි මාස දෙක තුළ රට හාන්සි කරන දැවැන්ත කොවිඩ් රැල්ලක අවදානමක්! සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

covid

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගතවන්නේ රට තුළ ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ මුල් වකවානුව වුවද ඉදිරි මාස දෙක තුන තුළදී මෙය වසංගතයක් ලෙස රටපුරා පැතිර යාමේ බරපතල තත්ත්වයක් මතුවිය හැකි බවත් ඉන්දියාවේද ඇති වූයේ මෙවැනිම තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කරයි.

ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිර ගොස් ඇත්ද යන්න පිළිබඳව මේ වන විටත් නිරන්තර පරීක්ෂාවට ලක් කරමින් පවතින බව ඇය කීවාය. ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යන වේගය අනුව එය රටපුරා ව්‍යාප්ත වුවහොත් මේ වන විට රෝහල් තුළ පවතින 86 000ක් වූ ඇඳන් ධාරිතාවය කොවිඩ් ආසාදිතයන්ගෙන්ම පිරි ධාරිතාවත් ඉක්මවා යෑම වැලැක්විය නොහැකි වනු ඇතැයි ද ඇය අවධාරණය කළාය.

රටතුල පැතිර යන ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර යාම සියයට 70කින් ඉහළ අගයක් ගන්නා බවද ඇය පෙන්වා දුන්නාය.

Exit mobile version