ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක්…

flood

කීර්ති ප්‍රනාන්දු –

ඉදිරි පැය 03 සිට පැය 48 ක කාලය තුළ කැලණි, අත්තනගලු ,සහ කළු ගංගා නිම්න පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ .

අද (14)රාත්‍රී 08නිකුත් කළ එම නිවේදන වලට අනුව

කැලණි ගං ද්‍රෝණියේ දොම්පේ ,හෝමාගම ,කඩුවෙල ,බියගම, කොලොන්නාව ,කොළඹ ,සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල කැළණි ගං ද්‍රෝනියේ පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා සිටී .

අත්තනගලු ඔය ද්‍රෝණියේ දිවුලපිටිය මීරිගම ,අත්තනගල්ල ,මහර ,ගම්පහ, මිනුවන්ගොඩ ,ජාඇල ,කටාන ,සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය නිම්න වල පහත් බිම් තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද අනතුරු අඟවයි .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුගං ද්‍රෝණියේ පාලින්දනුවර, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල කළු ගං පිටාර තැන්න ට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද අනතුරු අඟවා සිටින අතර මේ පිළිබඳව මහජනතාව මෙන්ම මාර්ගවල වාහන පදවන්නන් ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී .

Exit mobile version