ඉදිරි පැය 24 තුළ පළාත් 04කට මිලිමීටර 100ට වැඩි වර්ෂාවක්…

තුෂාරී කළුබෝවිල –

ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 75ක පමණ වැසි ද ඇතැම් ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් ද ඇති වන බව පැවසේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක  පැවසූවේ මෙම මස අවසානය දක්වා නිරිතදිග මෝසම් වැස්ස විටින් විට ඇතිවිය හැකි බව යි.


එළඹෙන අන්තර් මෝසම් කාලය වැසි තත්ත්වයේ අඩුවක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා  ගණිතමය දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන බව ද ඔහු පෙන්වා දෙයි.

නායෙ යෑම් අනතුරු ඇඟවීම

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, යක්කලමුල්ල, නාගොඩ, නෙළුව ප්‍රදේශවලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වලස්මුල්ලට ද කලුතර දිස්ත්‍රික්කයේ  අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර ප්‍රදේශවලට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රදේශවලට ද මාතර දිස්ත්‍රික්කයේ කොටපොලට ද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, ඇළපාත, ඉඹුල්පේ, කිරිඇල්ල, කුරුවිට, නිවිතිගල, රත්නපුර හා කලවාන ප්‍රදේශවලට ද නායයාම් අවදානම ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ගමනාගමන අපහසුතා

අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ, ගම්පහ, කලුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රධාන මාර්ග කිහිපයක ම නිසි පරිදි වැසි ජලය බැස නොයාම නිසා ජලයෙන් යටවූ අතර ප්‍රදේශවල ප්‍රදේශ  කිහිපයක පහත් බිම් හා   අතුරු මාර්ග කිහිපයක් ද මේ වනවිට ජලයෙන් යට වී  තිබේ.

අධික වර්ෂාවත්, දුම්රිය ධාවනය නොවීම නිසා විශාල වාහන ප්‍රමාණයක් මාර්ගවල ධාවනය කිරීමත් හේතුවෙන් අද (05 වැනිදා) ප්‍රධාන මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවතුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් රාජකාරි කටයුතු සඳහා ගිය සහ යළි නිවෙස් වෙත පැමිණි මහජනතාව අතිශයින් ම පීඩාවට පත් විය.

Exit mobile version