ඉදිරි දින දෙක තුළ රටේම වෛද්‍යවරු වර්ජනයට නොකැඳවා  අද දිනය තුළ හෝ සාධාරණ විසඳුමක් දෙන්න… GMOA 

doctor-strike

ශ්‍රියානි විජේසිංහ –                                          

රජය ගෙන යන අසාධාරණ බදු සංශෝධනයන් විරුද්ධව බස්නාහිර, දකුණ , මධ්‍ය සහ නැගෙනහිර පළාත්වල වෛද්‍යවරු අද උදේ 8.00 සිට ආරම්භ කළ වැඩ වර්ජනයන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  සඳහන් කරයි.

රජයේ හිතුවක්කාර බදු ප්‍රතිපත්ති අසාධානර බැංකු පොලී ඉහළ දැමිම, රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිඟය ඇතූළු කරුනු ගනනාවක් ඉලක්ක කර ගනිමින් ආරම්භ කල මෙම වැඩ වර්ජනයට හෙට (14)   සහ අනිද්දා (15) දිවයිනේ අනෙකුත් පළාත්වල වෛද්‍යවරුන්ද එකතු වන බව හෙතෙම පැවසීය.

මෙම පළාත්වල  පෞද්ගලික  චැනලින් සේවාවන් , පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන් හි වෛද්‍ය සේවාවන් මුළුමනින්ම නතර වන බව ද සදහන් වේ. 

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන්ගෙන් සියයට 50ට අධික පිරිසක් සේවය කරනු ලබන්නේ අද වර්ජනය පැවැත්වෙන පළාත් හතර තුළ බවද සදහන් වේ.


අද පැවැත්වෙන වර්ජනයට ආයුර්වේද වෛද්‍යවරු, වෛද්‍යපීඨ පීඨාධිපතිවරු,  සංගමය නියෝජනය කරන පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරු , විශේෂඥ වෛද්‍යවරු, ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරු සියලුම දෙනා එක්වන බව වෛද්‍ය විජේසිංහ   පැවසුවේය.

වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවාවන් සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇතැයි සඳහන් කරන සංගමය ළමා රෝහල් , පිළිකා රෝහල්, මාතෘ රෝහල්, හා වකුගඩු රෝහල්තුළ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව ද සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් අද දිනයේදී හෝ රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර පිළිගත විසදුමක් ලබා දීමට ලිඛිතව පොරොන්දු වෙන්නේ නම්  වර්ජන ක්‍රියාමාර්ගයන්ගෙන් බැහැර වීමට සූදානම් බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. 

 

Exit mobile version