ඉදිරි දින කීපය තුළ ආපදා තත්වය ලකුණු… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි…

තුෂාරී කළුබෝවිල –

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24-28 අතර කාලයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

එහි බලපෑමෙන් ඉදිරි දින කිහිපයේ උතුර, උතුරු මැද, නැගෙනහිර ප්‍රදේශවල වැඩි වශයෙනුත්, දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල අඩු වැඩි වශයෙනුත් තද වැසි, සුළං, අකුණු අනතුරු, ජල ගැලීම්, මුහුදු රළ ඉහළ යාම්, කඳුකර ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නායයාම් ආදි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් විමසිලිමත් ව හා ආරක්ෂාකාරී වන ලෙස කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදිසි ආපදා තත්ත්වයක් පවතින්නේ නම් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකි අතර ත්‍රිවිධ හමුදාව, පොලිසිය එක්ව හදිසි ආපදා කළමනාකරණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් ව ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි  කීවේය.


Exit mobile version