ඉතිහාසයේ පළමු වරට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි!

මනම්පිටිය නිමල් ජයරත්න –  

ඉතිහාසයේ පළමු වරට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය  අද( 28 ) සවස  විසන්ධි කර තිබේ.

විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව ඇති බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.Dimbulagala

එල්.ටී.ටී.ඊ යුද සමයේ දී  දැඩි පීඩාවට ලක් වෙමින් පැවති දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබා දීමට කටයුතු කළේ  හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ගේ පාලන සමයේ දී ය.

එදා සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා විදුලිය   නොමිලේ ලබා දුන් අතර   බලයට පත් සෑම රජයක් විසින්ම විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කළේය.


වත්මන් රජය මගින්   විදුලිය විසන්ධි කිරීමට  ගත් මෙම තින්දුව පිළිබඳව තමන්    දැඩි කනස්සල්ලට පත්ව වු බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති  සිරියාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව පවසන්නේ නොදන්වා  මෙම විදුලි විසන්ධි කිරීම  සිදු කරන්නේ   අග්‍රාමාත්‍යවරයා, සහ ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව විදුලිය අඛණ්ඩව ලබාදීමට පොරොන්දු වී තිබුණ  පසුබිමක බවය.

අපවත් වී වදාළ දිඹුලාගල ආරනණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ ජාතික, ආගමික, ශාසනික මෙහෙවර අගය කරමින්  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සෑම රජයක්ම විදුලිය, ජලය, ඇතුළු සියලු පහසුකම් ලබා දුන්නේය.

දැඩි වන  අලි තර්ජනයක් පවතින    දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමිය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් තම ස්වාමීන් වහන්සේලා දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විශේෂ ප්‍රකාශයක් කරමින් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මාසය වනවිට විට විදුලි බල මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5කට වැඩි විදුලි බිලක් ආරණ්‍ය සේනාසනය වෙත ලැබී තිබිණි.

 

 

Exit mobile version