ඉඟිනිමිටය තබ්බෝව කෘත්‍රිමව හැදූ අලිමංකඩ නිසා නැති ප්‍රශ්න රැසක්…

අලිමංකඩ ලෙස නම් කර ඇති  භූමි ප්‍රදේශයේ ඉඩම් සඳහා ජයභූමි ඔප්පු සහිත අයිතිකරුවන්ද ඉන්නවා...

ඉඟිනිමිටිය තබ්බෝව අලිමංකඩ ඉදි කිරීමෙන් ගම්මාන රැසක ජනතාව පීඩනයට පත්ව සිටිති.

මෙම අලිමංකඩ සඳහා විදුලි වැට ඉදි කර ඇත්තේ එක් පසෙකින් පමණි . එම වැටද මේ වනවිට සමහර තැන් කැලෑවට යටව විනාශ වෙමින් පවතී.

එක් පසෙකින් විදුලි වැට ඉදි කිරීම නිසා පයිරික්කුලම , තම්මැන්නවැටිය, මහනාන්නේරිය නගර ආශ්‍රිත ප්‍රදේශය දුම්බුලුවාව , නල්ලච්චිය,  මදවච්චිය , තෝරව, ගලයාය,  වෑවරනවැටිය යන ගම්මානවලට අලි තර්ජන උග්‍ර ව පවතී. වන අලි රංචු ලෙසින් මීඔය හා හෙට්ටිකුලම ප්‍රදේශවලින් පැමිණ මෙම ගම්මාන හරහා ගමන් කරති. මෙම ප්‍රදේශයේ වගා පමණක් නොව මිනිස් ජීවිතවලට ද අලින්ගෙන් එල්ල වන්නේ සුළුපටු තර්ජනයක් නොවේ.


එක් පසෙකින් ඉදිකර ඇති විදුලි වැටද කිසිදු නඩත්තුවක් නොමැතිකම නිසා කැලෑවට යටව ඇත.

එසේම අලිමංකඩ ලෙස නම් කර ඇති  භූමි ප්‍රදේශයේ ඉඩම් සඳහා ජයභූමි ඔප්පු සහිත අයිතිකරුවන්ද සිටින බව ප්‍රදේශවාසීහු ලංකාසර ට පැවසූහ. ඔවුන් තවදුරටත් පවසන්නේ පදිංචි ඉඩම් හැර වෙනත් කිසිදු බිම් අඟලක අයිතියක් නොමැති හේතුවෙන් පදිංචි ඉඩම අලින්ට දී යා නොහැකි බවයි.

වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ   ගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘”ඔය අලිමංකඩ සඳහා අවම,වශයෙන් මීටර් 500ක් වත් පළල අවශ්‍ය වෙනවා. ඒ තුළ කාට හෝ අයිති ඉඩම් තියෙනවා නම් ඒ සඳහා විකල්ප විසඳුම් ලබාදිය යුතුයි . මිනිස්සු එකඟ නොවූ නිසා තමයි ඕක ඔච්චර ප්‍රමාද වුනේ. ඔය අලිරංචුව ක්‍රම ක්‍රමයෙන් තබ්බෝවට ගෙනියන්න තියෙන මාර්ගය තමයි ඕක. ඉදිකර තිබෙන වැට නඩත්තු කරනවා . දෙපසින් වැට කොටස ඉදිකර තිබෙනවා . මේ තුළින් කිසිවෙකුට ත් හානියක් නොවිය යුතුයි….”

Exit mobile version