ඉගෙනගන්න ඔන් ලයින් යන දරුවන් ගැන දැඩි අවධානයෙන් ඉන්න… ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මවු පියන්ට කියයි!

මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විසින් දරුවන් ලිංගික අපාචාරවලට යොමු කරගත් ගත් සිද්ධි කීපයක් වාර්තා වී ඇති බැවින් ස්වකීය දරුවන් මාර්ගගත අධ්‍යාපනයට යොමු කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන්නැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

ඔබගේ අවධානය ගිලුහුණු මොහොතේ ඔබගේ දරුවා අවදානමට ලක් විය හැකියි. ඔහු පවසයි.
වැඩිදුරටත් ඔහු මෙසේ ද කියා සිටී.

“ මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කර තිබෙනවා. මෙසේ අධ්‍යාපනය ලබා දෙන සෑම උපකාරක පන්ති ගුරුවරයෙක්ම නරක අශ්ලීල අය නොවෙයි. එහෙත් ඒ අතරෙ ඉන්න අතිශය සුලු පිරිසකගෙ හැසිරීම් හෙළි දරවු වුනා. ඔබේ දරුවා ගැන අවධානය නිවැරදිව ඔබ පවත්වාගෙන ගියේ නැතිනම් කලාතුරකින් සිදුවන මේ අපරාධවලට ඔබේ දරුවා ගොදුරක් වීමේ අවදානමක් ඇතිවෙලා තියනවා. දෙමව්පියන් අපට පැමිණිලි කරලා තියනවා දරුවන් විවිධ ලිංගික අතවරවලට ලක් කළ බවට. “


පහුගිය දිනෙක දරුවෙකුගෙ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධව ඒ දරුවගෙ දෙමවුපියන් අපට පැමිණිලි කළා. මෙය එසේ මෙසේ වරදක් නොවෙයි. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ 286 ඒ වගන්තිය යටතේ මෙවැනි අශ්ලීල ක්‍රියාවක යෙදීම අවුරුදු 2 සිට 10 දක්වා සිර දඬුවම් නියම වන වරදක්. මේ උපකාරක පන්ති ගුරුවරයාටත් මේ දඬුවම ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවත වාරයක් ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාවලිය ගැන අවධානයෙන් සිටින්න. අවධානය ගිලිහෙන එක මොහොතකින් ඔබේ දරුවා අවදානමට ලක් විය හැකියි.

Exit mobile version