ඇෆ්ගනිස්ථානයේ අලුත් අවුරුදු සැමරුම් තහනම් වෙයි

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හිමි තලේබාන් සංවිධානය විසින් එරට තුල පර්සියානු සහ ඉරාන අලුත් අවුරුදු සැමරුම තහනම් කිරීමට පියවරගෙන තිබේ.

නවිරොස් නමින් හැඳින්වෙන පුරාථනයේ සිට පර්සියානු ජාතිකයින් විසින් සමරනු ලැබූ මෙම නව වසර සොරුස්ටරුන්ගේ දින දර්ශනයේ පළමු මාසයේ පළමු දිනය සැමරීමට උත්සව පැවැත්වීම සිදුකරයි.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරයට ඇෆ්ගනිස්ථානය තුල ඉස්ලාම් ආගමට අනුකූල සැමරීම් පමණක් සිදුකරන බවයි.


ඉකුත් වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමඟ එරට පැවති මානව හිමිකම් තත්ත්වය ඉතා දරුණු මට්ටමින් පරිහානියට පත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එතෙක් එරට පැවති කාන්තා අයිතීන් රැසක් අහිමි වූ අතර දරුණු ආර්ථික පිරිහානියකටද එරට පත්විය.

Exit mobile version