ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගවල කොල්ල කෑම් වැඩිවෙයි!

ඇෆ්ගනිස්ථානයේ පක්ටියා පළාතේ අධිවේගී මාර්ගවල සිදු වූ සොරකම් සම්බන්ධයෙන් ට්‍රක් රථ රියැදුරන්ගෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පජ්වොක් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

ආයුධ අතින් ගත් කණ්ඩායමක් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ට්‍රක් රථ නවත්වා ඔවුන් සතු මුදල් හා වටිනාකමින් යුතු භාණ්ඩ පැහැර ගන්නා බවට රියදුරන් විශාල වශයෙන් පැමිණිලි කර ඇති අතර අධිවේගයේ ආරක්ෂාව හැකි ඉක්මණින් තහවුරු කරන්න යැයි ඔවුහු ඉල්ලා සිටිති.

“මම ඇතුළු රියදුරන්, අවස්ථා ගණනාවකදීම සොරකමට ලක් වුණා. ඔවුන් අපේ මුදල්, ජංගම දුරකථන ඇතුලු දේවල් උදුර ගත්තා.. ඔවුන්ව නවත්තන්න කවුරුත්ම නෑ..” ගාර්ඩෙස් පටාන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ට්‍රක් රියැදුරෙකු වන මොහොමඩ් ඛාන් පවසයි.


තවත් රියැදුරෙකු වන රොසි උඩ්ඩින් පවසන්නේ “මීට දවස් 4කට කලින් බඩම් ඛන්දන් ප්‍රදේශයේ දී ආයුධ අතින් ගත් සොරුන් කණ්ඩායක් මගෙන් සොරකම් කළා. ඔවුන් හාල් බෑගයක්, එළවලු තෙල් ටින් එකක් ඇතුලු ආහාර ද්‍ර්‍ය අරගෙන ගියා..” යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව පක්ටියා හි නගරවැසියන් ද, මීට සමාන සිදුවීම් සම්බන්ධයෙන් පවසා තිබේ. අධිවේගී මාර්ගයන්ගේ දිනකට ට්‍රක් රථ 100ක් පමණ ගමන් කරන අතර ආයුධ රැගත් සොරුන් පිරිස නිසා තමන් දැඩි අසීරවකට පත්ව සිටින බව හෙළිදරව් කරයි. දිගු මාර්ගවල මාර්ග බාධක සංඛ්‍යාව වැඩි කිරීම, මුර සංචාර සංඛ්‍යාව වැඩි කිරීම වැනි පියවර මඟින් සොරකම් කිරීම අවම කර ගත හැකි වෙනු ඇතැයි රියැදුරන් ප්‍රකාශ කරති.

Exit mobile version