ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

Hijab

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සේවය කරන එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ කාන්තා සාමාජිකාවන් හට සිය මුහුණ ආරණය පරිදි හිජාබය පැළදීමට නියෝග කර තිබේ.

ඒ අනුව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තලේබාන් සංවිධානය විසින් ලබාදුන් නියෝග පිළිබඳ අනාවාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්ථාන කාර්යාලය තලේබාන් සංවිධානයේ විනය ප්රකචාරණ සහ දුෂරිත වැලැක්වීමේ අමාත්යංවශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ජගත් සංවිධාන කාර්යලයට පැමිණ ප්රණකාශකර ඇත්තේ සියලුම කාන්තා සාමාජිකාවන් සේවයට වාර්තා කිරීමේදී හිජාබය හැඳ පැමිණිය යුතු බවයි.

එමෙන්ම සියලුම කාන්තා සාමාජිකාවන් හිජාබය සේවයට වාර්තා කරන්නේද යන්න සොයා බැලීමට තලේබාන් සංවිධානයේ සාමාජිකයින් ‍දෙදෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට රඳවා සිටින බවටද තමන්ට දැන්වූ බව ජගත් සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. එසේම යම් සාමාජිකාවක් හිජාබය නොමැතිව සේවයට වාර්තා කරන්නේ නම් ඒ ගැන ඇයට අවබෝධකර දීමටද කටයුතු කිරීමට තලේබාන් සංවිධානය පියවර ගන්නා බවට දැණුම් දී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.


මේ සම්බන්ධයෙස් හියුමන් රයිට් වොච් සංවිධානය විසින් විශේෂ ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාත්නා සමාජිකාවන්ට හිජාබය ඇද සේවයට වාර්තා කරන ලෙස අනිවාර්ය කරමින් නියෝගයක් නිකුක් කර තිබෙනවා. යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඇෆ්ගනිස්ථානයේ පිහිටි ජගත් සංවිධාන කර්යාලය ඉදිරිපි තලේබාන් සංවිධානය ඉදිරිපිටද සියලුම කාන්තාවන් හිජාබය පැමිණිය යුතු බවට දැණුම්දීමේ පෝසටර් ප්රපදර්ශනය කර ඇති අතර එහිදී ඊට අදාල උපදෙස්ද ලබාදී තිබේ.

Exit mobile version